ලබන වසරේ පැවැත්වීමට නියමිත ඉන්දියානු මහා මැතිවරණයට පෙර එරට ඇගමැති නරේන්ද්‍ර මෝදි තීරණාත්මක සංචාරයක් සඳහා ඊයේ (19) රාත්‍රියේ ඇමරිකාවට ලඟාවී ඇති අතර මෙම සංචාරය පිළිබඳව චීනය අතිශය විමසිල්සෙන් පසුවන බව ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දී තිබේ.
මෙයට පෙර ඉන්දියානු අගමැතිවරයා ඇමරිකාවේ අවසන්වරට සංචාරයක් යෙදී තිබෙන්නේ 2016දීය. ඉන්දියාව නිදහස ලබාගැනීමෙන් පසුව මේ දක්වා සිටි රාජ්‍ය නායකයින් ඇමරිකාණු සංචාරවල යෙදුණු සමස්ත ඉතිහාසයටම වඩා මෙම සංචාරය අතිශය තීරණාත්මක බවක් රටම දෙකම සම්බන්ධයෙන් පවතින බව විශ්ලේෂකයෝ මත පල කරති.
එයට හේතු වී ඇත්තේ මෙයට පෙර කිහිපවරක්ම ඇමරිකාවෙන් ඉල්ලා තිබූ අධිතාක්ෂණික යුධ අවි සහ උපකරණ මෙන්ම නවීන බර අවි සහ උපකරණ විශාල ප්‍රමාණයක් ඉදියාවට ලබාදීමට ඇමරිකාව සූදානමින් සිටීමයි. මෙයට අදාල ආරක්ෂක ගිවිසුම් ගණනාවක් ඇමරිකාණු ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දීය අගමැති නරේද්‍ර මෝදි අතරේ අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එසේම ඉන්දු පැසිෆික් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ජාත්‍යන්තර ගිවිසුම් කිහිපයකටද මෙම නායකයින් දෙදෙනා මූලික එකඟතාවන් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බව හෙළි වේ. මෙම සියළු කටයුතු කෙරෙහි චීනය අතිශය සමීප නීරීක්ෂණවල යෙදී සිටින බව විශ්ලේෂකයන් හෙළිකර තිබේ.










