රනිල්ලා, රාජපක්‍ෂලා යන ගමනට තවදුරටත් ජනතාව මුළා කරන්න බැහැ – වසන්ත සමරසිංහ

රනිල්ලා, රාජපක්‍ෂලා යන ගමනට තවදුරටත් ජනතාව මුළා කරන්න බැහැ – වසන්ත සමරසිංහ

රනිල්ලා, රාජපක්‍ෂලා යන ගමනට තවදුරටත් ජනතාව මුළා කළ නොහැකි බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ පවසයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය 18 වනදා අනුරාධපුරයේදී පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ,

“අපි මෙතැනට රැස්වී ඉන්නේ අනාගත පරම්පරාවට නිදහසේ ජීවත් විය හැකි රටක් බිහි කිරීමේ අරමුණ ඇතිවයි. විවිධ සංවිධාන අපිත් එක්ක එකතු වෙන්නේ අපේ දරුවන් වෙනුවෙන් යහපත් රටක් ගොඩනැඟීමේ සිහිනය සැබෑ කර ගන්නයි. අපේ සමාජයට වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කර ගැනීමට තිබෙන අවස්ථාව රනිල්ලා, රාජපක්‍ෂලා අපට ලබා නොදෙන බව පැහැදිලියි. මැතිවරණ කල් දාලා, ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් යමින් සිටින්නේ ඒ නිසයි. නමුත්, මේ ශාලාව පිරී ඉතිරී සිටින්නේ මේ රටට වඩා හොඳ අනාගතයක් ගොඩනඟනවා කියන අධිෂ්ඨානය තිබෙන පිරිසකගෙන්. අපේ රටේ ජනාධිපති වෙලා ඉන්නේ මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ ප්‍රධාන චූදිතයෙක්. අද ඔහුව රකින්නේ මේ රටේ ජනතාව විසින් පලවාහරින ලද පාලනයකට සම්බන්ධ වෙලා හිටි පොහොට්ටුවේ මන්තී්්‍ර කණ්ඩායම. ජනතාවට බදු ගහනවා, ජීවන බර පටවනවා, රස්සාවලින් එළියට වැටෙනවා, කර්මාන්ත ශාලා වැහෙනවා කියන යථාර්ථය වහමින් ජනතාවට බොරු කියන රනිල්ලා, රාජපක්‍ෂලා යන ගමනට තවදුරටත් ජනතාව මුළා කරන්න බැහැ. විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ එකතුවෙන් තවදුරටත් ශක්තිමත් ව්‍යාපාරයක් බවට ජාතික ජන බලවේගය පත් වී තිබෙනවා. ‘අදිටන’ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවෙන් පසුව ගම් දනවුවල විසිරී පැතිරී සිටින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ වාගේම සිවිල් ආරක්‍ෂක බළකායේ විශ්‍රාමිකයන් සියලු දෙනා අපි ඒකරාශී කර ගත යුතුයි. ගොවි, ධීවර, කම්කරු වාගේම අනෙකුත් සියලු ක්‍ෂේත්‍රවල පිරිස් තව තවත් එකතු කර ගනිමින්, මේ ගමන ශක්තිමත්ව ඉදිරියට යමු කියලා හැම දෙනාටම ආරාධනා කරනවා.”

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්