නැතිවූ ස්ථිර දත් ආපසු එන්න ජපානයෙන් උදව්වක් !

නැතිවූ ස්ථිර දත් ආපසු එන්න ජපානයෙන් උදව්වක් !

ජපානයේ දන්ත වෛද්‍යය වරයෙකු විසින් ස්ථිර දත් ආපසු කැඳවිය හැකි විද්‍යාත්මක ක්‍රමයක් සොයාගෙන ඇත.

මෙම අපුර්ව සොයා ගැනීම සිදු කර ඇත්තේ ජපානයේ koyoto සරසවියේ මහාචාර්ය Katsu Takahashi ඇතුළු විද්යාඥයයන් කණ්ඩායමක්. සාමාන්‍යයෙන් අපගේ ජීවිත කාලය තුළ දත් 32ක් වැඩෙන බව අප දනිමු. පළමුව කිරි දත් ලෙසත් දෙවනුව වයස අවුරුදු 6-12 අතරදී ස්ථිර දත් ලෙසත් මෙම දත් වර්ධනය වේ. ලෝකයේ ජනගහනයෙන් 1%ක ප්‍රමාණයකට මෙම සියළුම දත් තම ජීවිත කාලයේදී දක්නට නොහැකි වේ. මෙය ජානමය රෝගයක් ලෙස සැලකේ.

මෙම රෝග තත්වය දන්ත වෛද්‍යය විද්‍යාවේදී “agenesie”ලෙස හැඳින්වේ. මෙම රෝගාබාධයෙන් පෙලෙන රෝගීන්ට ආහාර ගැනීමේදී හා කතා කිරීමේදී අපහසු තාවයන්ට මුහුණ දීමට සිදුවේ. මෙම ජානමය දන්ත රෝගයෙන් පෙලෙන රෝගීන්ට විසඳුමක් ලෙස නව සොයා ගැනීම උපකාරී වන බව Katsu Takahashi ඇතුළු දන්ත විද්යාඥයයන් කණ්ඩායමේ අදහසයි.

ඔවුන්ගේ සොයා ගැනීමට අනුව දතක වර්ධනය සීමා කරන හෝ සම්පුර්ණයෙන් නවත්වන ප්‍රෝටීන මත ක්‍රියා කරන වර්ණ දේහයක් නිසා මෙම තත්වය ඇතිවේ. එම වර්ණ දේහය ප්‍රෝටීනය මත ඇති කරන ක්‍රියා කාරිත්වයේදී සිදුකල හැකි බලපෑම මත දන්තයේ වර්ධනය සිදුවීම හෝ සම්පුර්ණයෙන් නැවැත්වීමේ හැකියාව එම වර්ණදේහයට හැකියාවක් ඇත.

වර්ණ දේහයේ හා ප්‍රෝටීනයේ ක්‍රියා කාරිත්වය නැවැත්වීමට ප්‍රති දේහයක් සොයා ගැනීම මගින් දන්තයේ වර්ධනය ස්වභාවිකව නැවත පැමිණීමේ හැකියාව සාර්ථකව සිදු කිරීමට Katsu Takahashi ඇතුළු කණ්ඩායම සමත් වී ඇත. මේ වනවිට මෙම පරීක්ෂණය සිදු කර ඇත්තේ මීයන්ට පමණක් වන අතර එය මිනිසා සඳහා යොදා ගැනීම 2024 ජුලි මාසයේදී සිදු කිරීමට පරීක්ෂණ කණ්ඩායම අපේක්ෂා කරනු ලබයි. මෙම ප්‍රතිකාරය ලබා දීමෙන් පසු මිනිසාට සිදු විය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ කණ්ඩායමේ අවධානය යොමු වී ඇත.

ඉන් පසුව 2030 දී පමණ සමස්ත ලෝකයේම සිටින ඉහත ජාන රෝගයෙන් පෙලෙන රෝගීන්ට මෙම ප්‍රතිකාරයෙන් සහනයක් ලබා ගැනීමට හැකි වනු ඇතැයි පරීක්ෂණ කණ්ඩායමේ බලා පොරොත්තුවයි.

කෙසේ වෙතත් අවසනාවකට මෙම ප්‍රතිකාරයෙන් සහනයක් ලබා ගැනීමට හැකි වනුයේ ලෝක ජනගහනයෙන් 1%කට වැනි ප්‍රමාණයකට පමණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්