මානව හිමිකම් කොමිසමේ පොහොට්ටුවෝ රනිල්ගේ ඔඩොක්කුවට

මානව හිමිකම් කොමිසමේ පොහොට්ටුවෝ රනිල්ගේ ඔඩොක්කුවට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහට විරුද්ධව කටයුතු කරන පොහොට්ටු පක්ෂයේ සාමාජිකයින් සියලු දෙනා මේ වනවිට සභාපතිවරියට එරෙහිව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ කතානායක මහින්ද යාපා යන තිදෙනාටම ලිඛිතව පැමිණිලි කර තිබේ.

කොමිෂන් සභාවේ අනිකුත් සාමාජිකයන් වන පූජ්‍ය කළුපහන පියරතන හිමි, ආචාර්ය. එම්.එච්. නිමල් කරුණාසිරි, ආචාර්ය. විජිත නානායක්කාර සහ අනුසුයා ෂන්මුගනාදන් යන කොමසාරිස්වරුන්ගෙන් කරුණු නොවිමසා සභාපතිවරිය අත්තනෝමතිකව කටයුතු කරන බවට එම ලිඛිත පැමිණිල්ලේ සඳහන් කර ඇත. ගෝටාබය රාජපක්ෂ විසින් මෙම කොමිෂන් සභාව පත් කළද එහි මුල් යුගයේ කටයුතු සහ සභාපතිවරියගේ ක්‍රියාමාර්ග පිළිබඳව බොහෝ අවස්ථාවල සමාජයේ පොදු ඇගයීමකට ලක් වී තිබිණි.

රනිල් වික්‍රමසිංහ අනිකුත් සියලු කොමිෂන් සභා විනාශ කරමින් යන ආකාරයටම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද විනාශ කිරීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇත. ඒ අනුව සභාපතිවරියට විරුද්ධව අනිකුත් සාමාජිකයන් බලගන්නවා ඇත.

මේ අනුව ස්වාධීන කොමිෂන් සභාවල මේ දක්වා ජනතාවාදීව යම් ප්‍රමාණයකට හෝ ක්‍රියාත්මක වූ මානව හිමිකම් කොමිෂන් සභාවද ඉතා ඉක්මනින් රනිල් වික්‍රමසිංහ විසින් බිඳ දමනු ඇති බවට බරපතල සාකච්ඡාවක් ඇති වී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්