මෙවර පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයින් ලෙස කටයුතු කරන රාජ්‍ය සේවකයින්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව සමස්ත ලංකා වෘත්තිය සමිති සම්මේලනය මානව හිමිකම් කොමිසමට ගොනුකර තිබූ පැමිණිල්ල අද (25) විභාගයට ගෙන තිබේ.
එම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නියෝජනය කරමින් ආයතන අධ්යක්ෂ ජනරාල් හා නීති නිලධාරී සම්බන්ධ වී ඇත.
එහිදී පැමිණිලි පාර්ශවය ලෙස සමස්ත ලංකා වෘත්තිය සමිති සම්මේලනයේ නියෝජිතයින්, අපේෂකයින් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස කරුණු පෙන්වා දී ඇති අතර ඊට අදාලව ඉදිරියේදී මැතිවරණ කොමිසමේ අවධානයට යොමු කිරීමටත් වැටුප් සම්බන්ධව පවතින ගැටලු සඳහා ආයතන අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් උපදෙස් අවශ්‍ය පරිදි ලබා දීමටත් මානව හිමිකම් කොමිසම තීරණය කර තිබේ.
මෙම ගැටලු සම්බන්ධව තවදුරටත් මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමටත් අවශ්‍ය වන්නේ නම් තවදුරටත් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටත් සමස්ත ලංකා වෘත්තිය සමිති සම්මේලනය තීරණය කර ඇත.
මහින්ද ජයසිංහ, සංවිධායක ලේකම් සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය, චන්දන සූරියආරච්චි, නියෝජ්‍ය ලේකම්, සමස්ත ලංකා වෘත්තීය සමිති සම්මේලනය සහ ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම පැමිණිලි පාර්ශ්වය නියෝජනය කරමින් මෙම අවස්ථාවට සම්බන්ධ වී තිබේ.










