ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ අන්ත දුක්ඛිතම රට බවට පත්ව ඇති අතර ලෝකයේ අන්ත දුක්ඛිතම රටවල් අතර 11 වෙනි තැනය පත්ව ඇත.
ඒ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ විසින් සකස් කරන ලද Hanke 2022 වාර්ෂික දුක්ඛිත දර්ශකය අනුවය.
දකුණු ආසියාවේ දුක්ඛිත රටවල් අතර පිළිවෙලින් දෙක, තුන, හතර, පහ ලෙස සටහන් වන්නේ පකිස්තානය, නේපාලය, ඉන්දියාව සහ බංගලාදේශයයි.
ලෝකයේ දුක්ඛිත රටවල් දර්ශකයේ ඉහළින්ම සිම්බාබ්වේ සිටින අතර වෙනිසියුලාව දෙවන ස්ථානයේත් තෙවන ස්ථානයේ සිරියාවත් පසුවේ. හයිටි රාජ්‍ය පසුවන්නේ ලෝකයේ දුක්ඛිත රටවල් දර්ශකයේ ශ්‍රී ලංකාවට පහළින් 12 වෙනි ස්ථානයේය.
ලංකාවේ අවසන් IMF වැඩසටහන් 16කදීම අසාර්ථක වූ බවත් ඉන් රුපියල තවදුරටත් දුර්වල වී ඇති බවත් ඔහු පෙන්වා දෙයි.


Views: 0










