FIFA මුල් පුටුව තවත් සිව් වසරකට බ්ලැටර්ට

ලෝක පාපන්දු සම්මේලනයේ ඊයේ (29) පැවති නිලවරණයෙන් පස්වන වතාවටත් එහි සභාපති ධූරයට ස්වීස් ජාතික 79 හැවිරිදි සෙප් බ්ලැටර්ට තේරී පත්වී තිබේ. ඒ අනුව ඉදිරි වසර හතරක කාලය සඳහා ඔහු එම ධූරයේ කටයුතු කිරීමට නියමිතය.

දැඩි ආන්දෝලනාත්මක තත්වයක් හමුමේ මෙම නිලවරණය ස්විස්ටර්ලන්තයේ සූරිච් නුවරදී පැවැති අතර නිලවරණයට සහභාගී වීමට පැමිණ සිටි ජගත් පාපන්දු සම්මේලන ප්‍රධානීන් 11 දෙනෙකුට අල්ලස් චෝදනා එල්ලවන අතර, ඉන් හත්දෙනෙකු මේ වනවිට ස්විස්ටර්ලන්ත පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. යුරෝපා පාපන්දු සම්මේලනය නිලවරණය කල් දමන ලෙස ෆිෆා බලධාරීන්ගෙන් ඉල්ලා තිබූ අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නිලවරණය පැවැත්වීමට බ්ලැටර් කටයුතු කර තිබේ. එහිදී ඔහු ඡන්ද 209න් 133ක් ලබා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ අලි බින් අල් හුසේන් කුමරුට හිමි කරගත වූයේ ඡන්ද 73ක් පමණි.

මෙවර පාපන්දු නිලවරණය දේශපාලන මුහුණුවරක් ගනු ලැබූ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා දුරකතනයෙන් ඔහු අමතා ඉල්ලා අස්වන ලෙසට දන්වා ඇති අතර රුසියානු ජනාධිපතිව ව්ලැදිමීර් පුටීන් එයට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කර තිබුණේ කිසිසේත් බ්ලැටර් එම ධූරයේ රැදී සිටිය යුතු බවත් ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ කර නොගන්නා ලෙසත්ය.

Facebook
Twitter
LinkedIn