පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික් කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නාය යෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙලෙස නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත.
මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් මෙන්ම අකුණු අවදානම් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
1









