කුණු කන්දේ විරෝධතාවයට ජල ප්‍රහාරයක්

මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහිව පළාතේ වැසියන් පිරිසක් ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල මාර්ගය අවහිර කරමින් පැවැත්වූ උද්ඝෝෂණයට ජල ප්‍රහාර එල්ල කර විසිරවා තිබේ.

මෙම කුණු කන්ද නිසා පරිසරය වැනසි මිනිසුන් ලෙඩ වී පළාතම මහා ව්‍යසනයකට ලක් වී ඇතැයි උද්ඝෝෂකයෝ කියති. පසුගිය පළාත් සභා මැතිවරණ සමයේ එම ස්ථානයට පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාබය රාජපක්ෂ මහතා එහි වැසියන්ට පොරොන්දුවූවේ මාස තුණක් ඇතුළත එය නිරකාරණය කර දෙන බවය. කෙසේ නමුත් බස්නාහිර පළාත් සභා මැතිවරණය අවසන් වී ජනාධිපතිවරණය පැමිණෙන තුරුම එම පොරොන්දුව ඉටු කිරීමට ඔහු කටයුතු නොකළ අතර වත්මන් බලධාරීන්ද එයට නිසි විසඳුමක් ලබා දී නැත.

Facebook
Twitter
LinkedIn