කැබිලිත්තේ අක්කර 25000ක් විනාශයි

කැබිලිත්තේ අක්කර 25000ක් විනාශයි

පරිසර යුක්ති කේන්ද්‍රයෙන් ජනපතිට පැමිණිල්ලක්ඓතිහාසික කැබිලිත්ත පුදබිම පිහිටා ඇති මොනරාගල දිස්ත්‍රික්කයට අයත් වත්තේගම – කැබිලිත්ත වනාන්තරයේ අක්කර 25,000 ක් සහ උඩවලව – බෝගහපැලැස්ස වනාන්තරයෙන් අක්කර දහසකට වැඩි ප්‍රමාණයක් අනවසරයෙන් විනාශ කරන තෙක් රාජකාරිය ඉටු නොකර වගකීම පැහැර හැර ඇති වන සංරක්ෂණ නිලධාරීන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකර විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පරිසර යුක්ති කේන්ද්‍රය පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටී.

මෙම වනාන්තර විනාශයට ප්‍රදේශයේ හේන් ගොවීන් හා ඉඩම් ජාවාරම්කරුවන් පමණක් නොව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට අයත් මෙතෙක් රාජකාරි පැහැර හැර ඇති ඇතැම් වන නිලධාරීන් ඍජුවම වගකිව යුතුව ඇතැයි පවසන පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ ඇතැම් වන නිලධාරීන් විසින් අක්කරයට වාර්ෂිකව රුපියල් 5000ක් බැගින් අයකර ඇතැමුන්ට මෙම ඉඩම් අනීතිකව වගා කරගන්නට ඉඩ ලබාදීම පිළිබඳව නැගෙන චෝදනා පිළිබඳවද වහා විමර්ශනයක් කරන ලෙසයි.

පරිසර යුක්ති කේන්ද්‍රයේ ප්‍රතිපත්ති හා දැනුවත් කිරීමේ නිලධාරී ජනක විතානගේ සිය අත්සනින් පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමුකර ඇති ලිපියකින් මේ බව පවසන පරිසර යුක්ති කේන්ද්‍රය තව දුරටත් කියා සිටින්නේ වසර 2000 වනතෙක් ආරක්ෂිතව පැවති කැබිලිත්ත හා බෝගහපැලැස්ස වනාන්තර ඉන් පසු වසර 17ක් තුළ මහා පරිමාණ වනාන්තර විනාශයකට ලක්වීමට හේතුව හේන් ගොවීන් හා ඉඩම් ජාවාරම්කරුවන් පමණක් නොව වන නිලධාරීන් යන සියල්ලන්ගේම එකතුවේ ප්‍රතිඵලයක් නිසා බවය.

මේ වනවිට රුපියල් මිලියන 40ක රජයේ මුදල් වැයකර නැවත මෙහි වන වගා වැඩසටහනක් ක්‍රියාවට නැගෙන බවද, එසේ කිරීමට සිදුව ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තම රාජකාරිය ඉටු නොකර ඇති නිසා බවද ජනාධිපතිට යොමුකර ඇති මෙම ලිපිය මගින් පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කරයි.

අතීතයේදී මහා වන මැද පිහිටි කැබිලිත්ත පුදබිම දැන් පෙනෙන ඉම දක්වාම මෙම වනාන්තර විනාශය උග්‍ර වී ඇති බවද, වහාම මෙම වනාන්තර විනාශය නතර නොකළහොත් 32% දක්වා රටේ වන වියන වර්ධනය කර ගැනීමේ ජනාධිපතිගේ අපේක්ෂාව සිහිනයක් පමණක් වනු ඇති බවද මේ අතර නම හෙළි නොකළ මොනරාගල දිසාවේ වන නිලධාරියෙක් පැවසීය.

දිවයින – ජගත් කණහැරආරච්චි

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්