බැසිල්ට සජින් වාස්ට අදත් ඇප නැහැ

රාජ්‍ය දේපල අයතා ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාතව සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ සන්ධාන මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධනට තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරුන් අද (20) නියෝග කර තිබේ.

ඒ ඔවුන්ට අදාළ නඩු අද කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා විසින් බැසිල් රාජපක්ෂව ලබන 27වනදා තෙක්ද කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් සජින් වාස් ගුණවර්ධනව ලබන 23වනදා තෙක්ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

බැසිල් රාජපක්ෂට එරෙහිව දිවි නැගුම මුදල් වංචා කිරීම සම්බන්දයෙන් චෝදනා ගොණු කර ඇති අතර සජින් වාස් ගුණවර්ධනට එරෙහිව ජනපති ලේකම් කාර්යාලයයට අයත් වාහන අයතා ලෙස භාවිතා කිරීම සහ වත්කම් බැරකිම් ප්‍රකාශ සම්බන්ධ චෝදනා ගොණු කර තිබේ.

දිවි නැගුම මුදල් වංචා කිරීම සම්බන්ද නඩුවට අදාළව සැකකරුවන්ව සිටින බැසිල් රාජපක්ෂට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටලු ලේකම් නිහාල් ජයතිලක, දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි යන අයද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.

Facebook
Twitter
LinkedIn