පාර්ලිමේන්තුව විසුරුවන බව ජනපති කියයි

ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බවත් එසේම ලබන සැප්තැම්බරය මාසය වනවිට නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත වනු ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග මේවන විට පැවැත්වෙන හමුවකදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කර තිබේ.

සැප්තැම්බරය වනවිට නව පාර්ලිමේන්තුව ස්ථාපිත කිරීමටනම් අවම වශයෙන් මෙම මාසය අවසන් වීමට පෙර වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුය.

Facebook
Twitter
LinkedIn