සුප්‍රසිද්ධ රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය මිනීමැරුක්ද ස්වභාවික මරණයක්ද යන්න හෙළි කර ගැනීම සඳහා රහස් පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලදී යම් සැකකටයුතු තොරතුරු ගණනාවක් අනාවරණය වෙමින් පවතින බව රහස් පොලීසිය පවසයි.
මෙම ක්‍රීඩකයා මීට වසර දෙකකට පමණ ඉහතදී අභි රහස් ලෙස මරණයට පත්වී සිටි අතර ඊට අදාළ පරීක්ෂණ අතරමඟ නැවතී තිබිණි. පසුව එම පරීක්ෂණ මීට මසකට පමණ ඉහතදී පොලිස්පතිවරයා විසින් රහස් පොලීසියට භාරදී තිබිණි.
මේ වනවිට රහස් පොලිසිය එම පරීක්ෂණ හරහා තාජුඩීන් ක්‍රීඩකයා ඇසුරු කළ පුද්ගලයින්, ආගිය ස්ථාන, ඔහුට එල්ලවී තිබුණු තර්ජන ඇතුළු බොහෝ කරුණු පරීක්ෂණ සඳහා ඉවහල් කරගෙන තිබේ.
තාජුඩීන් ක්‍රීඩකයාගේ සිරුරට විෂ වායුවක් ශරීරගතවී ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවෙන් අනාවරණය වී ඇත.
ආශ්රිත පුවත්
රගර් ක්‍රීඩකයාගේ මරණය නැවතත් කරළියට
Views: 0









