එක මිටට ‘ජන සටන’ තීන්දුව සඳුදා

එක මිටට ‘ජන සටන’ තීන්දුව සඳුදා

රාජ්‍ය ආයතන විකිණීම, මර්දනය, ජීවන වියදම, බදු ප්‍රතිපත්තිය, විදුලි ගාස්තු අඩු කිරීම හා සියලු දෙනාට රුපියල් විසිදහසක දීමනාවක් ලබාගැනීම ඇතුළු තවත් කරුණු කිහිපයක් මුල්කරගෙන ක්‍රියාත්මක කරන ‘ජන සටන’ ඒකාබද්ධ වෘත්තීය අරගලය පිළිබඳ තීන්දුව ලබන සඳුදා (03) ප්‍රකාශයට පත් කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.

සාමාන්‍ය ජන ජීවිතයට අවම බලපෑමක් සිදුවන පරිදි වෘත්තීය සටන ක්‍රියාත්මක කරන බවද ඔහු අවධාරණය කළේය. ඒ අනුව සියලු වෘත්තීය සමිති, දේශපාලන පක්‍ෂ, බහුජන සංවිධාන ආදී සියල්ල ඒකරාශී කරගෙන ආණ්ඩුවට එරෙහිව මෙම සටන් ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.

ඒ අනුව ලබන සඳුදා රැස්වී මෙම ‘ජන සටන’ සම්බන්ධව එකඟතාවකට පැමිණ එදින අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කරන බව ඔහු සඳහන් කළේය.

ඔවුන් සිය තීරණය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් වෙත ලිපියක් යොමුකර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්