ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) 06 දෙනා අතරට, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර තේරීපත්ව සිටියි.
බ්‍රිතාන්‍යයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥයන්ගේ සංගමය විසින් තෝරාගත් මෙම තරුණ විද්‍යාඥයන් 06 දෙනාගෙන් පස් දෙනෙකුම බ්‍රිතාන්‍ය ජාතිකයන් වන අතර ලාංකික විද්‍යාඥයකු ඒ අතරට තේරී පත්වීම විශේෂත්වයකි.
ප්‍රතිශක්තිකරණ වෛද්‍ය විද්‍යාවේ අනාගතය වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන විද්‍යාඥයන් ඇගයීම උදෙසා පවත්වනු ලබන ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙලේදී මහාචාර්ය චන්දිම ජීවන්දර මෙම සම්මානය ලැබීමට නියමිතය.
ප්‍රතිශක්තිකරණවේද සම්මාන උළෙල ලොව පිළිගත් වෛද්‍ය සම්මාන උළෙලක් වන අතර මෙහිදී සම්මාන ලැබීම සඳහා ලෝකය පුරා විද්‍යාඥයෝ තිස් දෙදෙනෙකු කාණ්ඩ හයක් යටතේ තෝරා ගනු ලැබ සිටිති.
මෙම සම්මාන උළෙල අප්‍රේල් මස 20 වැනිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතය.
මහාචාර්ය චන්දිම ජීවන්දර කොවිඩ් 19 වයිරසය මෙරට පැතිරීම සම්බන්ධයෙන් පුරෝගාමී පරීක්ෂණ රැසක් සිදු කර ඒ සම්බන්ධයෙන් අලුත් තොරතුරු රැසක් අනාවරණය කරගත් විද්‍යාඥයෙකි.










