පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා 2023 අයවැය තුළින් වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 03 වනදා නිකුත් කළ නියෝගය අනුව කටයුතු නොකිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනුකළ පෙත්සම් දෙකක් සලකා බැලීම සඳහා මැයි මස 22 දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියම කර තිබේ.
ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් අද කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
එහිදී නීතිපතිවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව ලේඛන ගොනුකිරීම සඳහා කල් ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
එම ඉල්ලීමට අවසර දෙමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 22 වනදා කැඳවීමටද දින නියම කර තිබේ.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් එම පෙත්සම් ගොනුකර තිබිණි.










