මහ බැංකුව කොම්පැනියක් කිරීමේ රනිල්ගේ පනතට එරෙහිව මාලිමාවෙන් පෙත්සමක්

මහ බැංකුව කොම්පැනියක් කිරීමේ රනිල්ගේ පනතට එරෙහිව මාලිමාවෙන් පෙත්සමක්

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, මුදල් නීති පනත ඉවත් කිරීම පිණිසද, සහ ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ, පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනනු ලැබීය.

පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා මහ බැංකුව කොම්පැනියක් කිරීමට සැරසෙන බවත් එය පරාජය කළ යුතු බවත් මෙහිදී ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ අවධාරණය කළේය.

මෙම පෙත්සම නීතීඥ සුනිල් වටගල මාර්ගයෙන් ඉදිරිපත් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්