මෙරට ලියාපදිංචි වී ඇති කලින්කලට අලුත් කළ යුතු නැති රියදුරු බලපත්‍ර ලක්ෂ 20ක් අතරින් බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තිරණය කර ඇති බව වාර්තා වේ.
2009 වසරට පෙර නිකුත් කර ඇති මෙම රියැදුරු බලපත් කල් ඉකුත් නොවීමත්, ඒවා ලබාගත් රියැදුරන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වීම අනිවාර්ය නොවීමත් අනතුරු රැසකටම හේතු වීමත් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසයි.
කෙසේ වෙතත් 2009 වසරෙන් පසු A අක්ෂරය සහිත රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සිදුව ඇති අතර එලෙස නිකුත් කර ඇති මුළු බලපත්‍ර සංඛ්‍යාව විසි නව ලක්ෂ පනස් අටදහස් නවසිය විසිපහකි. නමුත් ඒ අතරිනුත් කොටසක් අලුත් කළ යුතු නැති බලපත්‍ර ලෙස පවතිනවා. පසුකාලීනව සුහුරු රිය බලපත්‍ර මුද්‍රණය කිරීමට පටන් ගත් අතර මේ වන විට රියැදුරු බලපත්‍ර එක්කෝටි විසි අට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කර ඇති බවද එහිදී සඳහන් වී තිබේ.









