19වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදයට ගැනීමට නියමිතව තිබූ පසුගිය 21වනදා පාර්ලිමේන්තුවේදී එය කඩාකප්පල් කිරිම සඳහා මහින්ද රාජපක්ෂ හිතවාදී කල්ලිය විසින් පාර්ලිමේන්තු සභාගර්භය නිදන කාමරයක් කර ගනිමින් දියත් කළ කුමන්ත්‍රණ සියල්ල පරාජය කිරීම ජනතාව ලද ජයග්‍රහණයක් බව විද්වත්හු පෙන්වා දෙති.
මහින්ද රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කැඳවා තිබීම සහ ගෝඨාභය රාජපක්ෂද එම කොමිෂන් සභාවට කැඳවා තිබීම මූලික කරගනිමින් විරෝධතා පවත්වා පාර්ලිමේන්තුව තුළ හෝ ඉන්පිටත කිසියම් අස්ථාවරත්වයක් ඇතිකිරීමට තිබූ සැලසුම් බිඳ වැටී මහජන බලය හමුවේ එම සියලු දෙනා මේ වනවිට පසුබා ඇති බව ඔවුන්ගේ මතයයි.
Views: 0









