පසුගිය කාලයේ දිගින් දිගටම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමූ අතර අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යළිත් පෙට්‍රල් මිල ඉතා අධික ලෙස ඉහළ දමා තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 30කින් ඉහළ දමා ඇත.
නව මිල ඉහළ දැමීම අනුව රුපියල් 370ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 400ක් දක්වා ඉහළ දමා තිබේ.
සෙසු ඉන්ධනවල මිල නොවෙනස්ව පවතින බවද ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි.
පෙට්‍රල් මිලෙහි මෙම ඉහළ දැමීම ලංකා IOC ඉන්ධනහල්වටද බලපාන පරිදි සිදු කර ඇත. ඒ අනුව ලංකා IOC ඉන්ධනහල්වලද පෙට්‍රල් මිල රුපියල් 30කින් ඉහළ දමනු ඇත.

0









