පාස්කු ප්‍රහාරය වැලැක්වීමට ක්‍රියා නොකල වගඋත්තර කරුවන්ට මිලියන ගණනක වන්දි ගෙවන්න සිදුවෙයි

පාස්කු ප්‍රහාරය වැලැක්වීමට ක්‍රියා නොකල වගඋත්තර කරුවන්ට මිලියන ගණනක වන්දි ගෙවන්න සිදුවෙයි

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්දයෙන් හිටපු ජනාදිපති මෛත්‍රීපාල සිරිසේන , ආරක්ෂක අමාත්‍යංශයේ ලේඛම් හේමසිරි ප්‍රනාන්දු, ඉහළ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු වැරදි කරුවන් වී ඇති බවත් එම නිසා වින්දිතයින්ට වන්දි ගෙවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇති බව ප්‍රකාශයට පත්කරන මෙන් ඉල්ලා පෙත්සම් 12ක් ‌ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එම පෙත්සම් සලකා බැලීමෙන් පසුව වින්දිතයන්ට වන්දි ගෙවන ලෙස වැරදිකරුවන්ට නියෝගකර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100 ක්ද හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන විසින් රුපියල් මිලියන 75 බැගින් ද, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් රුපියල් මිලියන 50ක් ද, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් විසින් රුපියල් මිලියන 10ක් ද සිය පුද්ගලික මුදල් වලින් වින්දිතයන්ට ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයඅද (12) වැඩිදුරටත් නියෝග කලේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න යන සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදි.

Facebook
Twitter
LinkedIn