ඉන්ධන නැතිව කැලණිතිස්ස වැසෙන ලකුණු

ඉන්ධන නැතිව කැලණිතිස්ස වැසෙන ලකුණු

කැලණිතිස්ස බලාගාරය අඛන්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන නැප්තා ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (12) රාත්‍රියේ සිට බලාගාරය ක්‍රියාවිරහිත කිරීමට සිදුවන බව කැලණතිස්ස විදුලි අධිකාරිය පවසයි.

ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 165ක් පමණ නිකුත් කරණ කැලණිතිස්ස ඩීසල් විදුලි බලාගාරය ජල විදුලියට පසුව අඩුම පිරිවැයකින් ඒකකයක් නිශ්පාදනය කරණු ලබන විදුලි බලාගාරයද වෙයි.

කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කරවීම සඳහා දිනකට නැප්තා ඉන්ධන ලීටර ලක්ෂ 9ක් පමණ අවශ්‍ය වන අතර මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව සතුව නැප්තා ඉන්ධන තොගයක් ඇති මුත් මුදල් ගෙවීමේ පදනම මත පමනක් ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් අධාල තොගය ලබාගැනීමට නොහැකිවී තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්