ණය ප්‍රතිව්‍යූහගත කිරීම පෙන්වා ඩොලර් ලක්ෂ ගණනක් දන් දෙයි

විදේශයන්ගෙන් මෙරට ලබා ගෙන තිබෙන ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්කාර සමාගමක සේවය ලබා ගනිමින් තිබෙන අතර ඒ වෙනුවෙන් ඩොලර් ලක්ෂ ගණනින් ගෙවූවද මේ දක්වා කිසිදු ප්‍රගතියක් අත්කර ගැනීමට නොහැකිවී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඩොලර් කෝටි 290ක ණය මුදල ලබා ගැනීමේ පූර්ව කොන්දේසියක් ලෙස විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීම පවතී. එම ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා සඳහා විදේශ නියෝජිත සමාගම් දෙකක් පත්කර ගෙන මේ වනවිට මාස 4කට වැඩි කාලයක් ගතවී තිබේ. එම සමාගම් වෙනුවෙන් කොපමණ විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවා තිබෙන්නේ දැයි නිශ්චිතව මේ දක්වා ප්‍රකාශයට පත්කර නැත.

එසේ තිබියදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීමේ සාකච්ඡා පැවැත්වීම පවා ලබන මාර්තු මාසය අවසන් වන තුරු සිදු නොවන බවට තොරුතුරු හෙළිවී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්