අමරවීර රනිල් සමඟ ඇදගෙන නා ගනී

අමරවීර රනිල් සමඟ ඇදගෙන නා ගනී

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විසින් විවිධ ප්‍රචාර ගෙන යන අතර විශේෂයෙන් ම මුදල් නැති බව ප්‍රචාරය කිරීම රනිල් වික්‍රමසිංහ සහ අනුගාමිකයින් ප්‍රමුඛත්වයක් ලබාදී තිබේ.

මෙම ප්‍රචාරයට අලුතින්ම එක්වී සිටින මහින්ද අමරවීර මෙම මැතිවරණය පැවැත්වුවහොත් වී මිලදී ගැනීමට මුදල් නැති බව පසුගියදා ප්‍රචාරය කර තිබිණි. එහි දිගුවක් ලෙස ඊයේ ප්‍රචාරය කර තිබෙන්නේ “රජයේ සේවකයන්ට දෙසැම්බර් ගෙව්වේ යූරියා විකුණලා“ යනුවෙනි. අමරවීරගේ ප්‍රකාශය අඩංගු ප්‍රවෘත්තිය අද ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළකර තිබෙන අතර එම පුවත්පතේ ම 4 වෙනි පිටුවේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීම් කරන අතරතුර මහින්ද අමරවීරගේ ප්‍රකාශයේ ජනතාව නොමග යැවීම අසත්‍ය කරුණු පැවසීම පිළිබඳව හෙළිවී තිබේ.

හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා “වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සෑම මාසයකම අදාළ දිනවලදී කළ යුතුය. විශ්‍රාම වැටුප් ගෙවීම සෑම මාසයකම 10 වෙනිදාත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සෑම මාසයකම 21 වෙනිදා හෝ 25 වෙනිදාත් කළ යුතුමය. ඒ සඳහා අවශ්‍ය මුදල් සෑම අවස්ථාවකම භාණ්ඩාගාරයට ලැබෙයි. ඒ නිසා සාමාන්‍ය පරිදි ඒවා පියවෙයි.“ යනුවෙන් සවිස්තරව කරුණු දක්වා තිබේ. “ඡන්දයට සල්ලි කතාවේ ඇත්ත – නැත්ත“ යන සිරස්තලයෙන් හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සවිස්තරව කරුණු ඉදිරිපත් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්