පාර්ලිමේන්තුව හිර කරලා

පාර්ලිමේන්තුව හිර කරලා

පාර්ලිමේන්තුවේ සුපුරුදු කටයුතු පවත්වාගෙන යාමට නොහැකිවන සේ කිසියම් අදෘෂ්‍යමාන හස්තයක් විසින් හිර තර තිබේ දැයි බලවත් සැකයක් මතුවී තිබේ.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු රැස්වීමක් අවසන්වී සතියක් ඉක්මවා යාමට පෙර හැන්සාඩ් වාර්තා පාර්ලිමේන්තු නිල වෙබ් පිටුවට නිකුත් කරන නමුත් මේ වනවිට එම සාමාන්‍ය ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන් ම අක්‍රිය වී තිබේ. අවසන් වරට හැන්සාඩ් වාර්තාව අන්තර්ජාලයට එක්කර තිබෙන්නේ පසුගිය නොවැම්බර් 30 වෙනිදා ය.

මෙවැනි කටයුතු රැසක් ඇතැයි අනාවරණය වන අතර පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය සාමාන්‍ය පරිදි යාවත්කාලීන නොකිරීම බරපතළ තත්වයක් වී තිබේ. විශේෂයෙන් ම අයවැය විවාදයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු ප්‍රසිද්ධවීම අහුරා දමා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්