මෙම මස 23 වෙනි දින සිට පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට කිසිදු බාධාකාරී තත්වයක් නොපවතින අතර දිනේෂ් ගුණවර්ධන වෙනත්ම ආකාරයේ ප්‍රචාරයක් ආරම්භ කරමින් දෙමාපියන් සහ විභාගයට පෙනී සිටින සිසුන් බිය ගැන්වීමේ ප්‍රයත්නයක යෙදී සිටී.
අද (11) දිනමිණ පුවත්පතේ පළකර තිබෙන වාර්තාවකින් මේ බව තහවුරු වී ඇත. “මෙවර උසස් පෙළ විභාගය අවුල් කිරීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ – අගමැති දිනේෂ් ගුණවර්ධන” යන සිරස්තලයෙන් එම වාර්තාව පළකර ඇත. දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ පවත්වන ලද සාකච්ඡාවකදී දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ආණ්ඩුවේ ඇමතිවරුන් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් පවත්වන ලද සාකච්ඡාවකදී මේ බව දිනේෂ් ගුණවර්ධන විසින් ප්‍රකාශ කර තිබේ.
දිනමිණ පුවත්පතේ අදාළ වාර්තාව තව දුරටත් “ජනතාවගේ දරුවෝ ලක්ෂ ගණනක් මේ විභාගයට පෙනී සිටිනවා. මේ වාරය කඩාකප්පල් වුණොත් තව අවුරුද්දකට විශ්ව විද්‍යාලයට යන්න බැහැ. ඒ අපරාධයට හවුල් වෙන්න එපා.” යනාදී වශයෙන් අදහස් දක්වා තිබේ.
රනිල් වික්‍රමසිංහ අටවන ජනාධිපති අනුව යමින් දිනේෂ් ගුණවර්ධන ද මැතිවරණය කල් දමා ගැනීම සඳහා මේ ලෙස විවිධ භීතිකා සමාජය තුළ වර්ධනය කිරීමට රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය යොදා ගන්නා බව මේ තුළින් පැහැදිලි වී තිබේ.










