නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තුවත් ඉහළට

නීති විද්‍යාල ප්‍රවේශ විභාග ගාස්තුවත් ඉහළට

නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ ගාස්තු ඇතුළු ගාස්තු කිහිපයක් නීති අධ්‍යාපන සභාව විසින් ඉහළ දමා තිබේ.

එයට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂගේද එකඟත්වය ලැබී ඇති බව වාර්තා වන අතර ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ.

ඒ අනුව රුපියල් 6,000ක්ව පැවති පොදු ප්‍රවේශ විභාග ගාස්තුව රුපියල් 15,000ක් දක්වා ඉහළ දමා තිබේ. විදේශීය නීතිවේදී උපාධිය සහිත සිසුන්ට නීති විද්‍යාලයට ඇතුළත්වීමේ ගාස්තුව රුපියල් 75,000කි.

ප්‍රායෝගික පුහුණු පාඨමාලා ගාස්තුව, දේශන, පුස්තකාල ඇතුළු තවත් ගාස්තු රැසක්ද මේ අනුව ඉහළ දමා තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්