පුංචි ආණ්ඩු ඡන්දෙට අලි+පොහොට්ටු සන්ධානයක්

පුංචි ආණ්ඩු ඡන්දෙට අලි+පොහොට්ටු සන්ධානයක්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු) මේ වනවිට කැඳව ඇති පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීමට අද (10) තීරණය කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂය සහ පොහොට්ටු පක්ෂය අතර පැවැති සාකච්ඡාවලදී එළඹි කරුණු 03ක් යටතේය.

ඒ අනුව තමතමන්ට වාසි සහගත පළාත් පාලන ආයතන සදහා පක්ෂ දෙකම ‌පොහොට්ටුව යටතේ හෝ අලියා ලකුණ යටතේ තරග වැදීමටත් තවත් පළාත් පාලන ආයතන රැසකට පොදු ලකුණක් යටතේ තරග වැදීමටත් අනෙකුත් පළාත් පාලන ආයතන සදහා වෙන වෙනම තරග කොට පළාත් පාලන ආයතන පිහිටුවීමේදී එක්ව බලය පිහිටුවීමටත් එහිදී එකගතාවකට පැමිණ තිබේ.

මෙම සාකච්ජාව සදහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් වජිර අබේවර්ධන, රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන සහභාගී වී සිටි ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඊට මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන සහ සංජීව එදිරිමාන්න සහභාගී වී සිට ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්