පසුගිය නොවැම්බර් මාසයේදී කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනයෙන් උපයා ගෙන ඇති විදේශ විනිමය ප්‍රමාණය 2021 නොවැම්බර් මාසයට වඩා 26% පහත වැටී ඇති බව මහ බැංකුවේ නවතම නිවේදනයකින් හෙළිවේ.
මෙරටට විදේශ විනිමය වශයෙන් 2021 නොවැම්බර් මාසයේදී කෘෂිකාර්මික අපනයන මගින් ඩොලර් මිලියන 269ක් උපයා ගෙන තිබිණි. මෙම වසරේදි එම අගය ඩොලර් මිලියන 199 දක්වා පහත වැටී තිබේ. එමෙන් ම 2021 ජනවාරි සිට නොවැම්බර් දක්වා මාස 11ක් තුළ ඩොලර් මිලියන 2,497.2 සිට 2,364.6 දක්වා එනම් 5.3%කින් පහත වැටී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ක්ෂණිකව ක්‍රියාත්මක කළ රසායනික පොහොර තහනමෙන් විපාකයක් ලෙස කෘෂිකාර්මික අපනයන නිෂ්පාදන අස්වැන්න පහත වැටිණි. එය යළි යථා තත්වයට පත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ යටතේ මේ දක්වා කිසිදු ඵලදායක ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොමැති අතර වෙළඳපොලේ ඉතා අධික මිල ගණන් යටතේ රසායනික පොහොර සහ යෙදවුම් අලෙවි වේ.










