ඉන්දුනීසියාවේ ටැනිම්බාර් දූපත්වලට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ අද (10) අලුයම 2.47ට පමණ මැග්නිටියුට් ඒකක 7.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූ කම්පනයේ ප්‍රබලත්වය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම්ක්ද නිකුත් කිරීමට ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය පියවර ගෙන ඇත.
කෙසේ වෙතත් මුහුදු මට්ටමේ සැළකිය යුතු වෙනසක් වාර්තා නොවූ බැවින් මේ වනවිට එම සුනාමි අනතුරු ඇඟවීම ඉවත් කර ඇතැයිද වාර්තා වේ.
භූමි කම්පාවෙන් පසු කම්පන 04ක් වාර්තා වී ඇති බවද කම්පනයෙන් එරට ගොඩනැගිලිවලට හානි සිදුවී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
1










