ජනවාරි පළවෙනිදා සිට ක්රියාත්මක කරන උපයනවිට ගෙවීම් බද්ධ සරදියල් පන්නයේ බදු කොල්ලයක් බවත් මෙයට එරෙහිව ජාතික මට්ටමේ මහා වැඩවර්ජනද නිර්මාණය වීමට ඉඩ ඇති බවත් ආර්ථික විද්යාඥයන් පෙන්වා දී තිබේ.
මේ සම්බන්ධයෙන් නවතම අනතුරු ඇඟවීම කර තිබෙන්නේ පේරාදෙණිය විශ්වවිද්යාලයේ කලමණාකරණය පිළිබඳ ජ්යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න විසිනි. අද (10) ලංකාදීප පුවත්පතට ලිපියක් සපයමින් මහාචාර්යවරයා මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ. “උපයනවිට බදු නැංවීමේ වින්නැහිය” යනුවෙන් එම ලිපියේ සිරස්තලය යොදා ඇත.
එහිදී ඔහු අවධාරණය කර තිබෙන්නේ “එබැවින් මෙතෙක් අප මුහුණදුන් ආර්ථික දුෂ්කරතාවලට වඩා දරුණු දුෂ්කරතාවලට 2023 ජනවාරි මාසයෙන් පසුව මුහුණදීමට සිදුවේ.” යනුවෙනි. ආණ්ඩුව වෙනුවෙන් විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට විරුද්ධව මත දක්වන්නන් “ආර්ථිකය වර්දිධනීය දිශාවකට පත්කර අවස්ථාවක මැතිවරණ පැවැත්වීමෙන් එය අඩාල විය හැකිය.” යනාදී වශයෙන් පචාරය කරමින් සිටී. නමුත් මෙම ලිපිය මගින් මහාචාර්යවරයා අවධාරණය කර තිබෙන්නේ ආණ්ඩුව අමනෝඥ ආර්ථික ක්රියාමාර්ග දියත් කර ඇති බවය.
මෙම ලිපිය මගින් මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙන්නේ “එහෙත් රජය බදු අනුපාතය පිළිබඳ සිය ස්ථාවරය වෙනස් නොකරන්නේ නම් වැඩවර්ජන රැල්ලක් පමණක් නොව ජාතික මට්ටමේ මහා වැඩවර්ජනයක්ද නිර්මාණය වීමට ඉඩ ඇත.” යනුවෙනි.










