විදේශ තානාපති කාර්යාලවලදී නිදහස සමරන්න කෝටි ගණන් වීසි කරයි

විදේශ තානාපති කාර්යාලවලදී නිදහස සමරන්න කෝටි ගණන් වීසි කරයි

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මෙරට 75 වෙනි නිදහස් සංවත්සරය සැමරීමට සමාන්තරව විදේශ රටවල පිහිටි මෙරට තානාපති කාර්යාලවල වියදම් දැරිමට නොහැකිව වසා දැමූ පසුබිමක් තිබියදී අති විශාල මුදලක් වියදම් කරමින් එම සැමරුම වෙනුවෙන් විවිධ කටයුතු සූදානම් කරමින් පවතී.

මේ වනවිට අදාළ තානාපති කාර්යාලවලට රනිල් වික්‍රමසිංහ ඍජුව එයට අදාළ උපදෙස් ලබාදී ඇත. විදේශ අමාත්‍යංශ තොරතුරුවලින් හෙළිවන්නේ මේ වෙනුවෙන් දැරෙණ සියලුම මුදල් ශ්‍රී ලංකා රජයෙන් වැය කරන බව ය. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික සුබ පතන්නන්ගේ දායකත්වයෙන් අදාළ මුදල් වැය කරන බව ප්‍රචාරය කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

රට තුළ දරුණු මන්දපෝෂණ තත්වයක් සහ ආහාර අහේනියක් මෙන් ම ඖෂධ හිඟයක් ද පවතින අතර නියමිත පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි තරම් මූල්‍ය අර්බුදයක් ඇතැයි රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු පක්ෂයේ විවිධ පිරිස් ප්‍රචාරය කරමින් සිටිති. එසේ තිබියදී විවිධ ප්‍රචාරක සංදර්ශන වෙනුවෙන් අති විශාල මහජන මුදලක් නාස්ති කිරීමට සැලසුම් කර තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්