නීති පීඨයට බඳවා ගැනීමේ විභාගය අනලා

නීති පීඨයට බඳවා ගැනීමේ විභාගය අනලා

ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ නීති පීඨයට නවක සිසුන් බඳවා ගැනීමේ තරඟ විභාගය පසුගිය 08 වෙනිදා පවත්වන ලද අතර කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් එය පැවැත්වූ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ විභාග කටයුතු සිදුකළ අකාරය එම අපේක්ෂක අපේක්ෂිකාවන් බරපතළ අගතීන් සිදුකර ඇති බව අනාවරණය වේ.

විභාගය ආරම්භ කිරීමේ නියමිත වෙලාව පෙරවරු 09.00 බව විභාග ප්‍රවේශපත්‍රයේ සඳහන් කර තිබුණද අදාළ අපේක්ෂකයින් විද්‍යාලයට ඇතුළකර ගෙන ඇත්තේ පෙරවරු 9.00 ඉක්මවා ගිය පසු ය. එමෙන් ම විභාගය පෙරවරු 9.30ට ආරම්භ කර ඇති අතර බෙදා දී තිබූ ප්‍රශ්න පත්‍රවල ඇතුළත පිටු මුද්‍රණය වී නොතිබිණි.

එවැනි ප්‍රශ්න පත්‍ර ලැබුණු අපේක්ෂක අපේක්ෂිකාවන්ට නව ප්‍රශ්න පත්‍ර ලබාදී ඇති අතර මුල් ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු සැපයූ පිළිතුරු දෙවන ප්‍රශ්න පත්‍රයේ (අඩුපාඩු රහිත) නැවත මුල සිට සටහන් කිරීමට සිදුවී ඇත. විභාග ශාලාධිපති ඇතුළු කාර්ය මණ්ඩලයෙන් මේ පිළිබඳව ප්‍රශ්න කළවිට කිසිදු පිළිතුරක් ලබා නොදී මඟහැර ගොස් ඇත.

මෙම විභාගය සඳහා අපේක්ෂකයෙකුගෙන් රුපියල් 5,000/-ක් අයකර විභාග දෙපාර්තමේන්තුව මගින් එය පවත්වා තිබේ. එදින මෙම විභාගය පැවැත්වූ තවත් මධ්‍යස්ථාන ගණනාවක මෙවැනි විවිධ අගතීන් සිදුවී ඇති බවට වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්