ශ්රී ලංකාවේ අටවන ජනාධිපති රනිල් වික්රමසිංහ ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් බ්රසීලයේ අන්තවාදී පාලකයෙකුව සිටි බොල්සනාරෝගේ අන්තවාදී කණ්ඩායම් අධිකරණ ගොඩනැගිලි සංකීර්ණය ඇතුළු රාජ්ය දේපළවලට එල්ල කළ ප්රහාර ශ්රී ලංකාවේ සාමකාමී අරගලය සමඟ සම්බන්ධ කර තිබීම සරම ඇඳගෙන ඔළුවෙන් හිටගැනීමක් හා සමාන බව දේශපාලන නිරීක්ෂකයන් පෙන්වා දෙති.
පසුගිය මැයි 09 වෙනි දින ගෝල්ෆේස් සාමකාමී අරගලයට මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ මැරයන් කඩා වැදී ප්රහාර එල්ල කිරීමේ අතුරු ප්රතිඵලයක් ලෙස අගමැති ධූරයට පත් රනිල් වික්රමසිංහ එම අරගලය ආරක්ෂා කිරීම සඳහා රුවන් විජේවර්ධනගේ නායකත්වයෙන් යුත් කමිටුවක් ද පත්කරනු ලැබීය.
ජූලි 09 වෙනි දින ගෝඨාභය රාජපක්ෂ සාමකාමී මහජන අරගලයකින් පළවා හැරීමෙන් පසුව රනිල් වික්රමසිංහ වැඩබලන ජනාධිපති ලෙස පත්වී පසුව පාර්ලිමේන්තුවේ පොහොට්ටු මන්ත්රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපතිවීමෙන් පසුව මහජන අරගලයට විකෘති අර්ථකතන දීම දිගින් දිගටම සිදුකරමින් සිටී. එහි නවතම පියවර ලෙස බ්රසීලයේ බොල්සනාරෝගේ පැසිස්ට්වාදී අන්තවාදීන් මහජන දේපළවලට හානී කිරීම ශ්රී ලංකාව සමඟ සම්බන්ධ කරමින් තබා තිබෙන ෆේස්බුක් සටහනට එරෙහිව විවිධ විචාරාත්මක මත පළකරමින් තිබේ.
එම ෆේස්බුක් සටහන පහත පළවේ.











