ඉන්ධන සඳහාද මිල සූත්රයක් ක්රියාත්මක වන අතර මේ වනවිට විදුලි ගාස්තු සඳහාද මිල සූත්රයක් ක්රියාත්මක කිරීම ආණ්ඩුව සූදානම් වේ.
ඒ අනුව අද (09) පැවති කැබිනට් රැස්වීමේදී, විදුලි ගාස්තු සඳහා පිරිවැය ගැලපුමක් සහිත මිල සූත්රයක් සකස් කිරීමට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කෙසේ වෙතත් අදාළ මිල සූත්රය සඳහා වන යෝජනාව මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් එම කොමිසමේ ප්රතිචාරය මත ඉදිරි පියවර ගැනීමට නියමිතය.
Views: 0










