බණ්ඩාරනායක සමරන්න දිනේසුත් එකවෙයි

බණ්ඩාරනායක සමරන්න දිනේසුත් එකවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ 124 වැනි ජන්ම දින සැමරුම අද (08)ට යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ පිළිරුව අසළදි සැමරුමක් සංවිධානය කර තිබිණි.

ඒ සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිනි සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනාක, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ශ්‍රී.ල.නි.ප හිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

මීට අමතරව තවත් බණ්ඩානායක සැමරුමක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ඇතුළු එම පක්‍ෂ සාමාජිකයෝ පිරිසකගේ සහභාගිත්වයෙන් එම පක්‍ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

Facebook
Twitter
LinkedIn