සුපිරි වෙළෙඳසැල්වලින් බඩු සොරාගැනීම ඉහළ ගිහින්

සුපිරි වෙළෙඳසැල්වලින් බඩු සොරාගැනීම ඉහළ ගිහින්

මේ වනවිට රට පුරා සුපිරි වෙළෙඳසැල්වලින් භාණ්ඩ සොරාගැනීම ඉහළ ගොස් ඇති බවත් කොළඹ සහ අවට ප්‍රදේශවල සුපිරි වෙළෙඳසැල්වල භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධීන් නිරන්තරයෙන් වාර්තා වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි ප්‍රධානම සුපිරි වෙළෙඳසැලක කළමනාකරුවෙක් පැවසුවේ එම සුපිරි වෙළෙඳසැලෙන් භාණ්ඩ සොරාගන්නා පුද්ගලයන් නිරන්තරයෙන් හදුනාගන්නා ගත්තද එම සොරුන් සේවක සේවිකාවන්ට තියුණු ආයුධවලින් තුවාල කිරීම ගැටලුවක් බවට පත්ව ඇති බවත්ය.

එම සුපිරි වෙළෙඳසැලේ සේවිකාවන් දෙදෙනෙක් මීට දින කීපයකට පෙර භාණ්ඩ සොරුන් තියුණු ආයුධවලින් කැපීමෙන් තුවාල ලැබූ බවත් කළමනාකරු වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකාදීප

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්