දසුන් බිඳදැමූ වාර්තාව

දසුන් බිඳදැමූ වාර්තාව

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට අද (05) ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සමත් විය.

පූනේ හිදී ඉන්දියාව සමග පැවැත්වූ දෙවැනි 20/20 තරගයේදී පන්දු 20කදී සිය අර්ධ ශතකය ලබාගැනීමට දසුන් ශානක සමත්විය.

ඒ අනුව 2007දී මහේල ජයවර්ධන සහ 2009දී කුමාර් සංගක්කාර තබා තිබූ වාර්තා බිඳ වැටුණි.

ඔවුන් දෙදෙනා අර්ධ ශතක සඳහා පන්දු 21ක් බැගින් වැයකර තිබුණි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්