පොහොට්ටු, ස.ජ.බ, ශ්‍රිලනිප වැලිමඩදි එක්වෙයි

පොහොට්ටු, ස.ජ.බ, ශ්‍රිලනිප වැලිමඩදි එක්වෙයි

පොහොට්ටුවට බලය හිමි වැලිමඩ ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්ෂව ඡන්දය ලබා දීම සඳහා පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ලෙස ප්‍රාදේශීය සභාවට තේරීපත්වී මේ වනවිට සමගි ජන බලවේගය සමග කටයුතු කරන මන්ත්‍රීවරු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු එක්ව කටයුතු කර තිබේ.

ඒ අනුව එම අයවැය වැඩි ඡන්ද 32කින් ජයග්‍රහණය කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පමණක් ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇති අතර එක්සත් ජාතික පක්ෂ එක් මන්ත්‍රීවරයෙකු ඡන්දය දීමෙන් වැලකී සිට ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්