ලංකාව ආක්‍රමණය කළ යුතු බව කියන ඉන්දීය චෞරයෙක් ගෝඨා මහින්ද හමුවෙලා

ලංකාව ආක්‍රමණය කළ යුතු බව කියන ඉන්දීය චෞරයෙක් ගෝඨා මහින්ද හමුවෙලා

ඉන්දීය හමුදාව එවා ලංකාව ආක්‍රමණය කළ යුතු බවට ට්විටර් සටහනක් නිකුත් කළ භාරතීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි මෙරටට පැමිණ පළවා හරින ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පළවා හරින ලද හිටපු අගමැති මහින්ද රාජපක්ෂ යන දෙදෙනාව හමුවී තිබේ.

මෙම හමුවීම ඊයේ (29) ගෝඨා සහ මහින්ද රැඳී සිටින රජයේ නිල නිවාසවලදී සිදුකර තිබේ. සුබ්‍රමනියම් ස්වාමි නැමැත්තා ඉන්දීය රජයේ නිල නිවාසයක් අනීතිකව අත්පත් කර ගෙන සිටි බවට සැප්තැම්බර් 17 වෙනි දින ඉන්දීය මාධ්‍යය වාර්තා කර තිබිණි.

මොහු මෙරටට ගෙන්වා ගෙන තිබෙන්නේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ “ජාතික ආරක්ෂාව“ සම්බන්ධයෙන් ප්‍රධාන දේශනය පැවැත්වීමට බව අනාවරණය වී ඇත. ගෝල්ෆේස් අරගලය නිර්මාණය වූ මුල් කාලයේ ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ යුතු බවට ට්විටර් පණිවිඩ නිකුත් කළ ඉන්දීය පුද්ගලයෙකු මෙරට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් දේශන පැවැත්වීම සහ මහජන අරගලයකින් පළවා හරින ලද හිටපු ජනාධිපති සහ අගමැති හමුවීම විශාල ආන්දෝලනයක් හටගෙන තිබේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්