ජේආර්, රනිල්ගේ ආර්ථික ඝාතන ක්‍රියාවලිය වසර 35කට පෙර මහ බැංකු අධිපතිවරයෙකු හෙළිකරලා

ජේආර් ජයවර්ධන 1977දී බලයට පත්වීමත් සමඟ මහ බැංකු අධිපති ලෙස පත් කළ ආචාර්ය නෙවිල් කරුණාතිලක ආර්ථිකය ගමන් කරමින් තිබෙන විනාශකාරී මාවත පිළිබඳව විශ්ලේෂණාත්මකව කරුණු ඉදිරිපත් කර ඇත.

ආචාර්ය නෙවිල් කරුණාතිලක හිටපු මහ බැංකු අධිපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කර ඇත්තේ 1987 දෙසැම්බර් මස පළකරන ලද රාවය මාසික සඟරාවට ලිපියක් සම්පාදනය කරමින් ය. එම ලිපියට “දස වසරක ආර්ථික විනාශය!“ යන සිරස්තලය යොදා තිබිණි. එම කාලයේදී ද විවෘත ආර්ථිකය ගමන් කරමින් තිබූ විනාශකාරී මාවත පිළිබඳ විශ්ලේෂණාත්මක කරුණු රැසක් එමගින් හෙළිකර තිබේ.

මෙම ආර්ථික ක්‍රියාවලිය සඳහා 1978 සිට එස්.ජී. වෝබර්ග් සහ සමාගම නම් විදේශීය උපදේශක සමාගමකින් මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබාගෙන තිබූ බවද හෙළිකර ඇත. 1978දී එම සමාගමට රුපියල් මිලියන 24ක ගාස්තුවක් ගෙවූ බවත් එය 1987 වෙනවිට රුපියල් මිලියන 64 දක්වා ඉහල ගොස් තිබූ බවත් ආචාර්යවරයා හෙළිකර තිබේ.

කාලීන සුවිශේෂි වැදගත්කම හමුවේ අදාළ ලිපියේ මුල් කොටස පහතින් අමුණා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්