කමල් ගුණරත්න, පොලිස්පති නීතිපති ඇතුළු 10 දෙනෙකුට එරෙහිය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

කමල් ගුණරත්න, පොලිස්පති නීතිපති ඇතුළු 10 දෙනෙකුට එරෙහිය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක්

රාජ්‍ය රහස් පනත යොදාගනිමින් අධි ආරක්ෂක කලාප නම් කිරීම නීති විරෝධී බව ප්‍රකාශයට පත් කරන ලෙස සහ එම පනත යටතේ ගැසට් නිවේදන නිකුත් කිරීම අත්හිටුවන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලමින් නිතිපති ඇතුළු දස දෙනෙකුට එරෙහිව සමාජවාදී තරුණ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් කරනු ලැබීය.

අද (26) පස්වරුවේ නීතීඥ ජානක අධිකාරී ප්‍රමුඛ නීතීඥවරු පිරිසක් විසින් මෙම පැමිණිල්ල කලෝය. නීතිපති සංජය රාජරත්නම් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ පොලිස්ථානාධිපතිවරු ඇතුළු 10 දෙනෙකු මෙහි වගඋත්තර කරුවන් කර තිබේ.

සමාජවාදී තරුණ සංගමය විසින් පසුගිය 24 වෙනි දින සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන බව කුරුඳුවත්ත පොලීසියට දන්වා තිබියදී සහ සමාජ මාධ්‍ය මෙන්ම පෝස්ටර් යොදාගනිමින් ඒ පිළිබඳව පූර්ව ප්‍රචාර ලබා දී තිබෙන අතරතුර 23වන දින රනිල් වික්‍රමසිංහ අටවල ජනාධිපති විසින් රාජ්‍ය රහස් පනත යොදාගනිමින් අධි ආරක්ෂිත කලාප ගැසට් කරනු ලැබීය. එම පනත යටතේ නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රය අවලංගු කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පෙත්සම විභාග කර අවසන් වන තුරු මෙම පනත යටතේ ගැසට් නියෝග නිකුත් කිරීම අත්හිටුවන ලෙසත් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්