මෙරට ආහාර අහේනිය බිහිසුණුම තත්වයකට ගමන් කරමින් තිබෙන බව ජාත්‍යන්තර වශයෙන් අනතුරු අඟවා තිබියදී මෙරට ජාතික නිෂ්පාදිතයට අදාළව නවතම සංඛ්‍යා ලේඛණ මගින් ද ඒ බව තහවුරු වී තිබේ.
ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ඉදිරිපත්කර තිබෙන සංඛ්‍යා දත්ත අනුව දේශීය වශයෙන් අහාර නිෂ්පාදනය දරුණු ලෙස බිඳ වැටී ඇත. පසුගිය වසරේ දෙවන කාර්තුවට සාපේක්ෂව ධාන්‍ය නිෂ්පාදනය කඩා වැටීම 32.3%ක්, වී නිෂ්පාදනයේ වැටීම 15.6%ක් සහ එළවලු නිෂ්පාදනයේ වැටීම 13.2%ක් වශයෙන් පවතී. ඊට අමතරව සත්ව නිෂ්පාදන කඩා වැටීම 13.6%ක් සහ ධීවර නිෂ්පාදන කඩා වැටීම 15.3%ක් වී තිබේ.
මේ අනුව මෙරට දේශීය ආහාර නිෂ්පාදනය බිඳ වැටීම මෙන්ම උද්දමනය බලපා තිබෙන අතර විදේශ විනිමය අර්බුදය නිසා විදේශ රටවලින් ආනයනය කරන ආහාරවල හිඟය ද යන මූලික කරුණු මත මෙරට ආහාර අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි බිහිසුණු තත්වයක පවතී.










