අලි සබ්‍රිට නඩුවක්

අලි සබ්‍රිට නඩුවක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ මේ වෙනවිට පැවැත්වෙන සැසි වාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී සිටින විදේශ ඇමති අලි සබ්‍රිගේ ක්‍රියාකලාපය පිළිබඳව පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි අප්‍රසාදයකින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

විදේශ ඇමතිවරයා එම සමුළුව අමතා කළ දේශනය රනිල් වික්‍රමසිංහගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත. එමෙන්ම සමස්තයක් විදිහට අලි සබ්‍රිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වජිර අබේවර්ධන සහ රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් පැවති බවට අනාවරණය වේ.

අලි සබ්‍රි තව දුරටත් විදේශ අමාත්‍ය ධූරයේ තබා ගන්නේ දැයි ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවට සාකච්ඡා පවත්වා තිබේ. රනිල් වික්‍රමසිංහ ඉදිරියේදී සිදු කරන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී අලි සබ්‍රිට වෙනත් අමාත්‍ය ධුරයක් ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇතැයි මේ වෙනවිට ලැබෙන තොරතුරුවලින් හෙළිවේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්