හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලනය තුළ සිදු වූ මහා පරිමාණ වංචා දූෂණ පිළිබඳව සෙවීමට පිහිටුවනු ලැබූ විශේෂ පොලිස් ඒකකය වන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හරහා හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.
රාජපක්ෂ ජනාධිපතිවරයා ප්රමුඛ පවුලේ සියලුම සාමාජිකයින්ට එරෙහිව මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ පිළිබඳ බරපතල චෝදනා එල්ල වී ඇති අතර බැසිල් රාජපක්ෂ යනු එහි එක් පුද්ගලයෙක් පමණකි. ජනාධිපතිවරණය අවසන් වී දිනක් ඇතුළත බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සිය මව්බිම වන ඇමෙරිකාව බලා පිටත්ව ගිය අතර මේ වනවිට රාජපක්ෂ ආණ්ඩුවේ සිදු වූ සියලුම වංචා, දූෂණ පිළිබඳ චෝදනා ඔහු පිට පමණක් පැටවීමේ සැලසුමක්ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
Views: 0









