ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන සිටි ශෂී වීරවංශට මෙන්ම ව්‍යාජ ජාතික හැඳුන්මුපත් අංකයක් ඉදිරිපත් කර “සිරිලිය සවිය” රාජ්‍ය නොවන සංවිධානයේ බැංකු ගිණුමක් පවත්වාගෙන ගිය ශිරන්ති රාජපක්ෂට විරුද්ධවද නීතිය ක්‍රියාත්මක විය යුතු වුවත් මේ වනතුරුත් කිසිදු නීතිමය පියවරක් ක්‍රියාත්ම වී නැත.
ශරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යන “සිරිලිය සවිය” රාජ්‍ය නොවන සංවිධානයේ ගිණුමක් මහජන බැංකුවේ විවෘත කිරීමට ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් දී තිබුණේ 222222222V යන්නය. එමෙන්ම එම සංවිධනය වෙනුවෙන් චෙක්පත් අත්සන් කරන කුමාරි නම් කාන්තාවගේ ජාතික හැඳුනුම්පත් අංකය දී තිබූ බව මාධ්‍ය මගින් හෙළිකර තිබේ.
නීතිය කාටත් එක සමාන බව පොදුවේ පිළිගත් මූලධර්මය වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලද්දේ තමාට හැර අනිත් සියලු දෙනාට නීතිය එක හා සමාන බවය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය දේශපාලන දෝෂාභියෝගය මගින් ඉවත්කිරීමෙන් පසුව ඔහු මේ බව ප්‍රකාශ කළේය.
මේ වනවිට පැහැදිලි වෙමින් තිබෙන්නේ ශිරන්ති රාජපක්ෂ කෙරෙහි නීතිය එක සමානව බලනොපාන බවය.
ආශ්රිත පුවත්
ශිරන්ති රැකීමට මහජන බැංකු සේවකයන් බිලි දීමේ තැතක්
ශිරන්ති මැදමුලනේ – ශෂී හැංගෙයි









