දඹුල්ල – පැල්වෙහෙර රජයේ බිජ ගොවිපලේ අක්කර 35ක් ඉකුත් රජය සමයේ පුද්ගලික සමාගමකට හෝටලයක් ඉදිකිරිම සදහා දිගුකාලින බද්දකට ලබාදී තිබීම අත්හිටුවන ලෙසට හා තම රැකියා සුරක්ෂිත කර දෙන ලෙස ආණ්ඩුවට බල කරමින් ඊයේ (26) කෑම පැයෙදී උද්ගෝෂණයක් සංවිධානය කළ කාන්තාවෝ සිව් දෙනෙකු ඇතුළු 10දෙනෙකු ලබන මස 02 වෙනිදා දක්වා රක්ෂිත බන්දනගත කිරීමට දඹුල්ල මහේස්ත්රාත් සංජිව කුමාර මහතා අද (27) නියෝග කර තිබේ.
දඹුල්ල පැල්වෙහෙර රජයේ බිජ ගොවිපල ඉදිරිපිටදී ඒ06 ප්රධාන මාර්ගය (කොළඹ – ත්රිකුණාමලය මාර්ගය) හරස් කරමින් ඊයේ මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
රථවාහන ධාවනයට බාධාකිරීම හා එමගින් විදේශිය සංචාරකයින් පීඩාවට පත්කිරීම හා ගිලන් රථ මගින් ප්රවාහනය කරමින් සිටි රෝගීන් පිඩාවට පත් කිරීම යන චෝදනා යටතේ දඹුල්ල පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
Views: 0









