රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සහ අලුත් කිරීමේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහලට

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ සහ අලුත් කිරීමේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහලට

රියදුරු බලපත්‍ර නික්‍රත් කිරීමේ සහ බලපත්‍ර අලුත් කිරිමේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව අද(08) සිට ඉහළ දමා ඇති බව වාර්තා වේ.

ඒ අනුව සැහැල්ලු වාහන සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500 ක් වන ලෙසත් බර වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව, මුත්‍රා පරීක්ෂණ හැර රුපියල් 1,500 ක් වන ලෙසත් සංශෝධනය කර ඇති බව ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය සඳහන් කළේ ය.

ඒ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන ද්‍රව්‍ය සහ උපකරණවල මිල ඉහළ යාම මීට හේතුව ලෙස ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය ප්‍රකාශ කළේ ය.

Facebook
Twitter
LinkedIn