පසුගිය ජනවාරි 29 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැය මගින් භාණ්ඩ 13ක මිළ ගණන් අඩු කිරීම පිළිබඳව සංශෝධිත මිළ ගණන් සහිත අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (24) දිනයේදී නිකුත් කර තිබේ. ඒ අනුව මෙතෙක් අයවැයෙන් සහන හිමි වු එහෙත් මෙවනතුරුත් භාණ්ඩ මිල අඩු නොවූ භාණ්ඩ සඳහා මෙම සහන ලැබීමට නියමිතය.
අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට ආණ්ඩුව සිදුවූයේ අතුරු අයවැයෙන් අඩුකළ භාණ්ඩ මිල පාරිභෝගිකයන්හට ලබා නොදීමට ව්‍යාපාරිකයින් කටයුතු කිරීම නිසා බවත් මෙතැන් පටන් එම ව්‍යාපාරිකයින් අත්අඩංගුවට ගන්නා බවත් පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කරයි.
Views: 0









