ජවිපෙ දකුණින් උතුරට

ජනතා විමුක්ති පෙරමුණේ  විවෘත කරනු ලැබූ පක්ෂ කාර්යාල දෙකක අද (24)  එම පක්ෂයේ නියෝජිතයන් සම්බන්ධ වී මහජන දින පවත්වා තිබේ. මෙම අවස්ථාවට එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක හා මධ්‍යමකාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකර් යන අයද එක් වී ඇත.

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා එම කාර්යාල තුළදී එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කර තිබේ. එහිදී ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධය අවසානයේ ආණ්ඩුව විසින් අත්පත් කරගනු ලැබූ තමන්ගේ රත්‍රන් බඩු ලබා දීමට මෙතෙක් කටයුතු කර නොමැති බවයි. එසේම අතුරුදන් වූවන් වෙනුවෙන් ලබා දුන් වන්දි මුදල් නොලැබුණු බොහෝ පිරිස්ද මන්ත්‍රීවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබේ. පසුව මුලතිව් දිස්ත්‍රික්කයෙන් විශ්වවිද්‍යාල සඳහා තේරීපත් වී සිටින සිසුන් පිරිසක්ද සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

 

 

Facebook
Twitter
LinkedIn